Tuesday, February 14, 2012

2012 පෙබරවාරි 14

අද වැලෙන්ටයින් දවස උනාට මලක් දෙන්න වත් කෙනෙක් නැති උනා.
එයා මාව ස්තීරවම අතහැරලා මාසෙකටත් කිට්ටුයි, ඒත් මම හිතුවා එයා මගේ උපන්දිනේට විශ් කරයි කියලා, පස්සේ අද බලාගෙන උන්නා වැලෙන්ටයින් එකට කතා කරයි කියලා. ඒත් මොනවා කරන්නද, මම එයාව මතක තියාගෙන උන්නට, එයා මාව සම්පුර්ණයෙන්ම අමතක කරලා දාල. ඒත් අපි හිටපු විදිහට එයාට එහෙම කරන්න කොහෙත්ම බැරි බව මම දන්නවා. එයා කවද හරි මට කතා කරයි. මම බලාගෙන ඉන්නවා එතකල්.

චාමරගේ කුණක්, බාටියටයි මටයි කන්න උනා. වැස්සේ තෙමීගෙන අපි දෙන්නා මැලේසියන් එම්බසි එකට යන්න උනා. ඒත් පරක්කු උන නිසා වැඩේ හරි ගියෙත් නැහැ.

අයෙත් මගේ හිතේ කාර් හීනය පොපියන්න ගත්තා.

No comments:

Post a Comment